කිකිළියන්ගේ නිවේදනය…

සියළුම පාරිභෝගික භවතුන් වෙත දැනුම්දීමයි,

කූට වෙළඳුන්ගෙන්,

ඔබ මුදා ගනු පිණිස

පශ්චාත් භාගයේ

සවිකර ගතිමු!

‘මුද්‍රක

‘සීතල’ට ආයුබෝවන්!

සීතල කාලෙ ඉවරවුනු බවට, මේ දවස් ටිකේම දැනුම් දීම් ලැබෙනවා. සාමාන්‍යයෙන් මෙහේ එක් සෘතුවක් අවසන් වෙලා ඊළඟ සෘතුව ආරම්භ වෙන්නෙ වැස්සකුත් එක්ක. මේ දවස්වලත් හොඳටම වහිනව. ඒකේ තේරුම ශීත සෘතුව අහවර වෙලා ග්‍රීෂ්ම සෘතුව ආරම්භ වෙනව කියන එක.

හැමදාම වගේම මෙදා පාරත් වැස්සෙනුත් ගොඩක් අයට ගොඩක් කරදරයි. ‍ මෙදා පාර මේ වැස්සෙන් ගොඩක් ම බැ‍ට කන්නෙ සාජා නගරය. වැහි වතුර ගලා යන්න තැනක් නැති නිසා ඒවා ඔක්කොම එකතු වෙන්නෙ මහ පාරට. මුලින් පාර යටවෙනවා. ඊළඟට ගොඩනැගිලි යටවෙන්න පටන් ගන්නවා. වතුර ගලා බහින්න නිසි ක්‍රමවේදයක් හදල තියෙන පාටක් පේන්න නෑ. අනික ඉතින් ගොඩක් සල්ලි වියදම් කරල, වැහි වතුර ගලා බහින්න කාණු පද්ධතියක් හදලත් වැඩක් නෑනෙ. මොකෝ හැමදාම වහින එකක්යැ. අවුරුද්දටම දෙතුන් පාරනෙ වහින්නෙ. අවුරුද්දකට සැරයක් මෙහෙම පොඩි කට්ටක් කෑවම මොකෝ.

පාරවල් යටවුනු ගමන් ඇතිවෙන ඊළඟ දේ තමයි අධික වාහන තදබදය. අපි වගේ, පොදු මගී ප්‍රවාහන සේවයේ පිහිට ලබන අයට තමයි ඒකෙනුත් කරදරේ. මොකද කොච්චර තදබදය තිබුණත් බස් එක යන්නෙ නියමිත මාර්ගයේ විතරයිනෙ. පෞද්ගලික වාහන වලින් යන අයට නම් එහෙන් මෙහෙන් දාලා තදබදය මගහැරල යන්න පූළුවන්. අපි ඉතින් කරන්නෙ ඇවිද්ද පය දහස් වටී කියල හිතල, බැහැල පයින් යන එක. මේ දවස් දෙක තුනේම මමත් වැඩ‍ට ආවෙ එහෙමයි. බාගෙට බාගයක් පයින්.

ඊයෙ වැඩට එනකොට, ඉක්මනට යන්න කියල හිතාගෙන ලංකාවෙ තව මිත්‍රයෙක් එක්ක මීටර් ටැක්සියකට ගොඩවුණා. පොඩ්ඩ දුරක් ආවමයි දැක්කේ ඉස්සරහ තියෙන තදබදේ. අපේ ටැක්සි රියදුරත් දන්න සෙල්ලම් දාලා, එහෙන් මෙහෙන් රිංග රිංග ඉස්සරහට ගියා. ‍එහෙම ගිහිල්ලත්, විනාඩි 50 කට යන්න පුළුවන් වුනේ කිලෝමීටර් තුනකටත් අඩු දුරක්. වාහනේ දිව්වෙ නැති වුනාට මීටරේ දුවනවනෙ. අන්තිමට අපිට අනුකම්පා කරපු ටැක්සි රියදුරාම අපිට කිව්වා බැහැල පයින් යන්න කියල.

අලි මදිවට හරක් කිව්වා වගේ අධික වැස්ස හින්ද සමහර තැන්වල මාර්ග සංඥා වැඩ කරන්නෙ නෑ‍. ඒකෙන් වෙන්නෙ තදබදය තවත් වැඩි වෙන එක. ඒකට විසඳුමක් විදියට මෙහේ පොලිස් නිළධාරී මහත්වරු කරන්නෙ පාර වහලා දාන එක. කට ළඟටම ආවට පස්සෙ, හිටිගමන් පාර වැහුවහම, පාරෙ ආපු අයට වෙනදේ කියන්න ඔන නෑනෙ. ඉස්සරහට යන්නත් බෑ. පස්සට යන්නත් බෑ. සදා අනාථයි. මොකෝ ඉතින් ලංකාවේ වගේ උද්ඝෝෂණ කරන්න කියලද.

කෙහොමින් කෙහොමින් හරි ඊළඟට එන්නෙ රස්නෙ කාලෙ. මතක් වෙනකොටත් සනීපයි. ඇයි දෙයියනේ, ගිනි රස්නෙ ඇඟට වදිනකොට, උගුර කට වේළෙනකොට, රස්නෙට තොල් පැලෙනකොට සනීප නැද්ද..?
අනේ මගේ පුංචි රට කොයිතරම් අගේ ද…!

(ඉහත ඡායාරූප උපුටගත්තෙ Gulf News වෙබ් අඩවියෙන්.)

පළ‍නොවූ කමෙන්ටුව

අද මම එක්තරා ප්‍රසිද්ධ  ‘සෝන්’ එකක පළවූ, එක් ලිපියකට සින්ඩිය හරහා ඇතුල්වුණා. යෝජනා, චෝදනා පුරසාරම් වගේ දේවල් අඩංගු වෙලා තිබුණු ලිපියට, මුලින්ම  ලැබිල තිබුනෙ අතිශය අසභ්‍ය, සිංග්ලිෂ් වලින් ලියපු කමෙන්ටුවක්. ඒක දැක්කම මටත් හිතුන පොඩි කමෙන්ට් එකක් දාන්න. ‍මම දාපු කමෙන්ට් එක මෙන්න මෙහෙමයි,
“ඔයාගෙ බ්ලොග් එක ප්‍රසිද්ධ කරගන්න ඔයා අපූරු උපක්‍රම පාවිච්චි කරනවා. ඔය උඩින් තියෙන අසභ්‍ය කමෙන්ට් එක දැම්මෙත් ඔයාම නේද? බලන්න වෙලාව දිහා. ඔයා හරි ඉක්මනට ඒකට ප්‍රතිචාර දක්වල තියෙනවනෙ!! අර b********d කියල නමකින් group එකට මේල් එව්වෙත් ඔයාම නේද? මොකද ඒ පුද්ගලයටත් තිබුනෙ ඔයාගෙ භාෂා ශෛලියමයි. ප්‍රසිද්ධ වෙන්න ඔයවගේ බොළඳ වැඩ කරන්න එපා. මතක තියාගන්න! රැවටෙන්නෙ තමන්මයි‍!”

මගේ ප්‍රතිචාරය අනුමැතියට යවපු බවට පණිවිඩයත් ලැබුනා. මම ටික වෙලාවකින් අයෙ ‍’සෝන්’ එක පැත්තෙ ගිහින් බැලුව මගේ කමෙන්ට් එක අනුමත වෙලාද කියල. අනේ..මම වැරදි දෙයක් කිව්වද මන්ද.. කමෙන්ටුව තියා ලිපියවත් නෑ!  ‘සෝන්’ එකට ආයෙමත් හොරු පැනල වගේ. (අර ලිපි මකන හොරා) තරහ නැතුව කාටහරි පුළුවන්ද ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්න. අපි ඉතින් මේ වගේ වෙලාවල් වලදි එකිනෙකාට උදව් පදව් කරගන්න ඕනැ නොවැ!

දුකම කොයි තරම් සතුටක්දෝ..

කාලෙකට කළින් අහන්න ලැබුණු, මතකයේ තදින් දැවටුණු, ගීතයක පසුබිම් කතාව ගැන සටහනක් තබන්නයි මේ සූදානම. ගීතය තමයි, සේනානායක වේරලියද්දයන් ගායනා කරන ‘පෙරැම් පුරාගෙන ආ සංසාරේ’. මේ ගීතය වගේම, මේ කතාවත් ගොඩක් දෙනෙක් අහල ඇති. වේරලියද්දයන් මේ කතාව කිව්වෙ දැනට දෙවසරක‍ට පමණ උඩදි. ඒ,ජාතික රෑපවාහිනියේ ‘සුරම්‍ය රාත්‍රී‍’යට ගොඩවැදුණු ‍වෙලාවෙ.
මගේ මතකයේ හැටියට කතාව මෙන්න මෙහෙමයි,
දිනක් ස්වාමීන් වහන්සේ නමක් දුම්රියක ගමන් ගනිමින් සිටියා. එක්තරා ස්ථානයකදී හදිසියේම මේ දුම්රිය නවත්වනු ලැබුවා. කිට්ටුව පාත දුම්රිය ස්ථානයක් නොමැති නිසා, හිටි අඩියේම ගමන නැවතුනු නිසාත් යම්කිසි අනතුරක් වැනි යමක් සිදුවී ඇති බව කාටත් තේරැම් ගියා. මැදිරිවල සිටි පිරිස් වහ වහා ඉන් එළියට බැස්සේ සිදුවූ දෙය දැනගන්නටයි. නමුත් අපේ ස්වාමීන් වහන්සේ මැදිරිය තුළම රැඳී සිටියා.
ටික වෙලාවකින් මගීන් එකා දෙන්නා බැගින් පැමිණ මැදිරිවලට ගොඩවුණා. ඒ අතරින් සමහරෙක් කෝපයෙන් කිසිවෙකුට බැණවැදුණා. තවත් අයෙක් මහත් ශෝකයෙන් කඳුළු සැලුවා.බොහෝ අය මහත් කම්පණයට පත්ව සිටි බව පෙණුනා. කුමක් සිදුවී ඇද්දැයි ස්වාමීන් වහන්සේ අසල සිටි අයකුගෙන් විමසුවා. තරැණ පෙම්වතුන් යුවළක් දුම්රියට පැන සියදිවි නසාගෙන තිබුණා. දුම්රියට හසුවීමෙන් ඔවුන්ගේ සිරැරැ පොඩිපට්ටම් වී දුම්රිය මාර්ගය පුරා විසීරී තිබුණා.
පෙරැම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුණු විසුණුව වැටුනේ‍‍..
කාටද රිදුනේ
කව්රැද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ..

කොතරම් බාධක, දුක්, කරදර පැමිණියත්, ජීවිතයේ ඇති සුන්දරත්වය හඳුනා ගන්නට ඔවුන්ට නොහැකි වුනාද?

මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමණ වේ..
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ..

කුමන හේතුවක් නිසා සිදුකරගත්තත් සියදිවි හානිකර ගැනීම අනුමත කළහැකි දෙයක් නොවෙයි. නමුත් විසඳාගත නොහැකි ගැටළුවකට ඔවුන් මුහුණ දෙන්නට ඇති.
වරක් නෙතග කඳුළැලි පිරැණාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ..

මේ ගීතයේ මම බොහෝ කැමති පද දෙපේළිය මේකයි,
දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ..

ජීවිතේ සුන්දර බව ඇත්තයි. ඒ සුන්දරත්වය විඳගන්නට අවස්ථාවක් නොලැබුනු බවත් ඇත්තයි. ඒත් දුම්රියකට හසුවී පොඩිපට්ටම් වී යනවිට දැනෙන වේදනාව, අවසාන මොහොතෙදීත් බෙදාහදා ගන්න ලැබුණු එක මොනතරම් සතුටක් ද?

වේරලියද්දයන් මේ ගීය වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දී තිබෙන බවයි මගේ පිළිගැනීම. මේ ගීතයේ පද පෙළ ගෙත්තම් වෙලා තිබුනෙ අර මුළින් සඳහන් කරපු ස්වාමීන් වහන්සේ අතින්‍. නමුත්, උන්වහන්සේ කවුදැයි අපේ ගායකයා හෙළිකලේ නැහැ.

ගීතය මෙතනින් අහන්න පුළුවන්.(මෙතන ගීත දෙකක් තිබෙනවා. එකක් වේරලියද්දයන් කැසට් පටය වෙනුවෙන්  ගායනා කළ ගීය. අනෙක එදා සුරම්‍ය රාත්‍රියේදි ගැයූ ගීය.දෙවන ගීය සඳහා ‘>’ මත ක්ලික් කරන්න.)

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

සින්ඩියට “කොමාව”,

“කොමාව”, සිංහල බ්ලොග්කරැවන්ගේ සංසදයේ, ‘බ්ලොග් කියවනය’ ට ඇතුළත් කරගත් බව අද දැනුම් දී තිබුණා. සිංහල බ්ලොග්කරණයේ උණ්නතිය  වෙනුවෙන් ඔබ සංසදය සිදුකරනු ලබන මෙහෙය අති විශාලයි. ඔබට බොහොමත් ම ස්තුතියි!

අපිත් Fiber Optic වලට මාරුවුනා

fiber ගල්ෆ් කලාපයේ ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සැපයුම්කරැ වන, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  Etisalat (Emirates Telecommunications corporation) ආයතනය සිය  පාරිභෝගිකයින් සඳහා ප්‍රකාශ තන්තු (fiber Optic)  තාක්ෂණය ලබාදීමට කටයුතු ආරම්භ කොට තිබෙනවා. ඒ අනුව පසුගියදා අදාල තාක්ෂණය  අප නවාතැන් ගෙන සිටින නිවාස සංකීර්ණයට ද ලබා දුන්නා. ‍

පැරණි සාමාන්‍ය රැහැන් සම්බන්ධතා නව තාක්ෂණයට පරිවර්තනය කිරීම සඳහා කිසිදු මුදලක් අය කරනු ලබන්නේ නැහැ. ‍එසේම අදාල රැහැන්, උපකරණ සවිකිරීම සඳහා අපට පහසු වේලාවක් ලබාදීමට තරම් ඔවුන් කාරැණික වෙනවා.

තම පාරිභෝගිකයින් හට නව තාක්ෂණයෙන් යුතු උසස් සේවාවක් ලබාදීම සහ පරිසරයට එකතුවන කාබන් පුමාණය අවම කිරීමේ අරමුණින් මෙම පරිවර්තනය සිදු කරනු ලබන බව ඔවුන් පවසනවා.

Etisalat ආයතනය විසින් පසුගිය දා ශ්‍රී ලංකාවේ Tigo ජංගම දුරකථන සමාගම මිළදී ගත්බව සැළවුණා.

(ඡායාරෑපයේ මූලාශ්‍රය http://www.ameinfo.com/221570-large.html)

රට යන ඇත්තෝ

පසුගියදා, මාගේ වර්ෂික නිවාඩුව ලැබ, ලංකාවට ගමන් ගන්නා අතරතුර ගුවන් යානයේදී මට එක්තරා තරැණයෙකු මුණ ගැසුණා.රට රැකියාවක සිහිනය සැබෑ කරගැනීමට, ඩුබායි ‍දේශයට පැමිණ සිටි ඔහු ආපසු යමින් සිටියේ හිස් අතින්. රැකියාවක් තබා රටට ඇතුල්වීමටවත් ඔහුට අවස්ථාව ලැබී තිබුණේ නැහැ. ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් මගීන්ගෙන් ඉල්ලාගත් මුදල් වලින් ආහාරපාන සපයා ගමින් පුරා දින 9ක්  ඔහු ගුවන් තොටුපළේ ගතකර තිබුණා. ඔහුත් සමග තවත් ලාංකිකයන් 12 දෙනෙකු සිටි බව ද ඔහු පැවසුවා. මොවුන්, තවත් එක් කූට රැකියා ඒජන්සිකරැවකුගේ ගොදුරැ බවට පත්වී තිබුණා.

මා මේ සටහන තබන්න‍ට පෙළඹුණේ, මෙහි මා දුටු එක් විශේෂ සිද්ධියක් නිසයි‍. පෙර අප අසා තිබුනේ විදේශ රැකියා ලබා දෙන පොරොන්දුව පිට මුදල් ලබාගෙන අතුරැදහන් වන පුද්ගලයින් ගැනයි. සංචාරක වීසා ලබාදී පිටරටවලට ගෙනගොස් අතරමං කිරීමේ ජාවාරමක් ගැනද පසුගිය කාලයේ අසන්නට ලැබුණා. ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඒ ගැන දැනුවත් කිරීම් කරනු ලැබුවා. නමුත් මෙහි විශේෂත්වය වන්නේ,පෙර කී තරැණයාට ඒජන්සිකරැ  විසින් රැකියා සඳහා වන වීසා බලපත්‍රයක් (Employment Visa) ලබාදී තිබීමයි. බැලූ බැල්මට නියම බලපත්‍රයක් සේ සකසා තිබූනත් එහි අන්තර්ගතවුනේ පරස්පර විරෝධී තොරතුරැ. ඒජන්සිකරැ ඔහුට පවසා තිබුනේ, ඔහුට රැකියාව ලැබෙන්නේ ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහනය සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය ආයතනයේ බවයි. නමුත් ඔහු අත තිබූ වීසා බලපත්‍රයේ සේවායෝජකයා ලෙස සටහන් වී තිබුනේ මෙහි ප්‍රකට කිරි ආහාර නිෂ්පාදන සමාගමක නමක්. කෙසේ වෙතත් එය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලියවිල්ලක් වූ බැවින් ඔහුට රට තුළට පිවිසීමට ඉඩ ලැබී තිබුනේ නැහැ.

දැන් දැන් ඒජන්සිකරැවන් විසින් පුද්ගලයන් රැවටීම සදහා ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කරනු ලබන බව පෙනෙන්නට තිබෙනවා. බරපතල කාරණාව වන්නේ මේවායේ නිරවද්‍යතාවය පිළිබඳව දැනගැනීමට ක්‍රමයක් නොමැති වීමයි. (විදේශ සේවා කාර්යාංශයෙන් එවැනි සේවාවක් සපයන්නේදැයි නොදනිමි)

ඉහත කී තරැණයා තම කාරණාව වෙනුවෙන් රැ. ලක්ෂ එකහමාරක මුදලක් ඒජන්සිකරැට ගෙවා තිබුණා. තමා එම මුදල සොයාගත්තේ ඉතා අමාරැවෙන් බවත්, කරමින් සිටි රැකියාවට ආයුබෝවන් කී බවත් ඔහු ඉතා කණගාටුවෙන් පැවසුවා. ඔහු පත්වී සිටියේ ඉතා අසරණ තත්ත්වයකටයි.

මේ ආකාරයේ විවිධ වංචාකාරයින්ට අසුවී, අතරමං වූ, අමාරැවේ වැටුනු පුද්ගලයින් ගැන නිතිපතාම මෙහි සිටින අපට අසන්නට ලැබෙනවා. එවන් අයට, හැකි පමණින් උදව් උපකාර කිරීමට මෙහි සිටින ශ්‍රී ලාංකිකයින් පැකිලෙන්නේ නැහැ.

එම තරැණයා මේ ආකාරයේ වංචාවකට හසුවූ පළමුවෙනියා ද නොවෙයි. අන්තිමයා ද නොවෙයි. විදේශ රැකියාවකට යොමුවීමේ ඇති දැඩි අවශ්‍යතාවයත්, එහෙත් ඒ පිළිබඳව ඇති අඩු දැනුවත්කමත් නිසා බොහහෝ පිරිස් එවන් වංචාකාරයින්ට ලේසියෙන් ම  ගොදුරැ වෙනවා.

මේ තත්ත්වයන් වළක්වා ගැනීමට රජයෙන් බොහෝ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වන බව පැවසුනද , සිදුවන වංචාවන් හි අඩුවක් දක්නට නැහැ. මීට වඩා ප්‍රායෝගික යමක් කළයුතු බව මගේ හැඟීමයි. මගේ පිලිපීන ජාතික මිතුරෙකු පැවසූ පරිදි , වි‍දේශ රැකියාවන් සඳහා හිතුමතේ පිටත්වීමට එරට රජය ඉඩ දෙන්නේ නැහැ. (ඒ ගැන පසුව ලියන්නම්)

කෙසේ වෙතත් මෙරටේ (එක්සත් ආරබි එමීරයේ) , විශේෂයෙන් ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන පිළිවෙල සහ නීතිරීති පිළිබඳ ව යම් යම් තොරතුරැ කාල වේලා ලැබෙන පරිදි  සටහන් කරන්නට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

රැවටුනාද?

මේක අපේ යාළුවෙක් කියපු කතාවක්.

ඔන්න දවසක් පිස්සන් කොටුවෙන් හොරෙන් එළියට ආපු සිරිපාල, අසල නගරයේ පොඩි රවුමක් දාන්න ගියා. ආපහු එන ගමනෙදි නිකමට වගේ, ගමේ චණ්ඩියගෙ ගෝලයෙකුට පහර දීපු මේ මනුස්සයා දුවගෙන ඇවිත් පිසසන් කොටුවට රිංග ගත්තා. ගුටි කාපු හාදයා  චණ්ඩියට මේ අවනඩුව පැමිණිලි කළා. ගෝල බාලයො රොත්තකුත් එක්ක පිස්සන් කොටුවට කඩා පැනපු චණ්ඩියා සද්දෙ දාලා මෙහෙම ඇහුව.

“කෝ..කව්ද යකෝ සිරිපාල කියන්නෙ?”
මුල්ලක වාඩිවෙලා හිටපු එක හාදයෙක් බොහොම බයාදු විදියට අත උස්සලා “මේ…මම” කියල කිව්වා. පැන්න ගමන් අර මනුස්සයගෙ බෙල්ලෙන් අල්ල ගත්ත චණ්ඩියා, හයේ හතරේ ඒවයින් නෙළාගෙන, නෙළාගෙන ගියා. සංග්‍රහය අවසන් කරපු චණ්ඩියා ආපහු යන්න යනකොට, හතර ගාතෙන් වැටිල හිටපු අර හාදය බොහොම අමාරැවෙන් ඔළුව පොඩ්ඩක් උස්සල මෙහෙම කිව්වා.
“හූ..හූ‍‍..රැවටුනා‍‍‍‍..රැවටුනා‍‍..මං සිරිපාල නෙමෙයි!”

ආදර පඬුරු

පාසල් ගිය කාලය ගැන හැමෝටම තියෙන්නෙ බොහොම සුන්දර මතකයක්. ඒ කාලෙ ඇතිවුන පෙම් පටලැවිලිත් ඒ වගේම සුන්දරයි.

මේ කියන කාලෙ අපි හිටියෙ උසස් පෙළ පළමු වසරෙ. අපට පහළ පන්තියෙ, ඒ කියන්නෙ සාමාන්‍ය පෙළ පන්තියෙ හිටියා බොහොම හැඩකාර ශිෂ්‍යාවක්. හැබෑවටම ඈ හරි ලස්සනයි. එක් වරක් දැක්කොත් යළිත් වරක් හැරිල බලන්න හිතෙන තරම් රෑපශ්‍රීයක් ඈට තිබුන. ඇගේ මේ රෑපකාය නිසාම අපේ පාසලේ විතරක් නෙවෙයි, අහල පහල පාසල්වල ශිෂ්‍යයොත් නම කියූ පමණින් ඈව දැනගෙන හිටිය. ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ, ඇගේ ප්‍රේමය පතාගෙන ආපු පිරිසත් විශාලයි.

මේ අතරෙ, මගේ හොඳම මිත්‍රයත් ඇගේ ප්‍රේමය පතමින් ඒකපාර්ශවික ව ඈට පෙම් කරන්න පටන් අරගෙන තිබුන. පාසලේ, බස්රියේ, බස් නැවතුමේ ඈ අසල නිතරම ගැවසුනත්, අපේ හාදයගෙ ප්‍රේම සංකල්පනාව ගැන ඈ දැනගෙන හිටියෙ නෑ. ඔහු ඒ ගැන ඈට කියන්න ගියෙත් නෑ. අපේ මිත්‍රය බලාපොරොත්තුවුනේ ඈ ඒක ඉබේම දැනගනීවි කියල. දිනපතාම ඇය බස් නැවතුමට එනකන් බලං ඉන්න අපේ හිතවතා, ඈ යන් බස් රථයේම ගමන් ගන්නවා. හැබැයි බොහොම ඈතින්. ඈ එහා කෙළවරේ. ඔහු මෙහා කෙළවරේ. මේ හැවෙලාවකම ඔහුගෙ සහායකයා වුනේ මම. කෙළින්ම ඇය සමග කතාකරල, මුලින් මිත්‍රත්වයක් ඇති කරගන්න කියල මම හැමදාම කිව්වත්, මෙයා හැමදාම ඒක ‘හෙට’ ට කල් දැම්මා.

මේ තේරැමක් නැති ‘නේත්‍ර පූජාව’ කෙළවරක් නොවන බව  පෙණුනු හින්ද, දවසක් මම අපේ හාදයට හීනියට අවවාදයක් කළා.
“මචං, ඔය වැඩේ අල්ලල දාපං බං. ඒකිට කොල්ලේ 75 විතර ට්‍රයි!”
කිව්වා විතරයි, ලොක්කා මගේ ඇඟට ගොඩවුනා. “මම දන්නව! මම 76 වෙනිය කියල හිතාගනිං !!”

කාලය ගතවෙලා ගියා. උසස් පෙළින් පස්සෙ අපි හැමෝම හතර අතට විසිරැණා. ඔය අතරෙ අපේ කතා නායිකාවගේ ප්‍රේමය දිනාගත්ත, අපේම පාසලේ, අපට ඉහළ පන්තියෙ හිටපු ශිෂ්‍යයෙක් ඈව විවාහ කරගත් බව ආරංචි වුණා. මේ ආරංචිය මට දුන්නෙත් අපේ මිත්‍රය ම තමයි.
“අපරාදෙ මචං, ඕකිව මට සෙට් වෙන්න කියල හිතාගෙන කළුතර බෝධියට දාපු පඬුරැ ටික එකතු කරානම්, මට ගෙයක් හදාගන්න තිබුන බං!” අපේ ප්‍රේමවන්තයා බොහොම කණගාටුවෙන් කිව්වා.

දුරැ රටක හිටියත් අපේ යාළුකම තවමත් එහෙමම යි. ඔහු අද දරැ සුරතල් බලන දයාබර පියෙක්. ඈ දැන්, පාසල් යන වය‍සේ පසුවන දරැ දෙදෙනෙකුගේ මවක්.

ප්‍රණාමය…

bulath

රටේ හෙට දවස වෙනුවෙන්, බුද්ධිමත්ම ඡන්දය පාවිච්චි කළ සැමට තුති!


කොමාව 2010 ©
තේමාව : JustDreamweaver ගේ SoulVision තේමාව සංස්කරණය කරන ලදි.